19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගය; ඉන්දීය පිලට ලකුණු 90ක ජයක්

ජන 20, 2020

    වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයෙන් ඉන්දියාව ලකුණු 90ක ජයක් වාර්තා කිරිමට සමත්විය.

    තරගය පැවැත්වුණේ, දකුණු අප්‍රිකාවේ බ්ලෝඑන් ෆොන්ටේන්හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව, පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 297ක් රැස් කළේය. යෂාස්වි ජයිස්වාල් ලකුණු 59ක් රැස්කළ අතර, ප්‍රියාම් ගාර්ග් ලකුණු 56යි. ඩෘම් ජුරෙල් ලකුණු 52යි. තරගය ජයගැනීම සඳහා ලකුණු 298ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 45යි, පන්දු දෙකක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ, ලකුණු 207ක් පමණයි. නවෝද් පරණවිතාන ලකුණු 50යි. රවිඳු රශාන්ත ලකුණු 49යි.

    Latest News