අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (01) දහවල් අත්අඩංගුවට ගත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.
අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 4 වැනි දින සිට දෙසැම්බර් මස 18 වැනි දින දක්වා සිදුකරනු ලබන බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
දේවගැති ජෙරම් ප්රනාන්දු ප්රකාශයක් ලබා දීම සඳහා CIDයට පැමිණ තිබෙනවා.
ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ ඩුබායි හි පැවැත්වෙන COP 28 දේශගුණික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා. උන්වහන්සේගේ පෙනහළු අසාදනයක් ඊට හේතුව බවයි වතිකානය පවසන්නේ.
ගාසා තීරයේ අතරමංව සිටි ශ්රී ලාංකිකයන් 4 දෙනෙකු, නිරුපද්රිතව පසුගියදා මෙරටට පැමිණියා. විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය, ඔවුන් ආපසු ගෙන්වා ගැනීමට පහසුකම් සලසනු ලැබුවා.

Latest News