පොල් සංවර්ධන අධිකාරිය විසින් මෙම වර්ෂය තුළ උපයන ලද ආදායමෙන් රුපියල් මිලියන 125ක් මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබෙනවා.
ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ ඩුබායි හි පැවැත්වෙන COP 28 දේශගුණික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා. උන්වහන්සේගේ පෙනහළු අසාදනයක් ඊට හේතුව බවයි වතිකානය පවසන්නේ.
පොලිස්පති ධුරයට පත්වන නිලධාරීන්ගේ ධුර කාලය උපරිම වශයෙන් අවුරුදු 3 කට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
දේවගැති ජෙරොම් ප්රනාන්දු අද (29) ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයවීමක් බලාපොරොත්තු වන අතර ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහා ක්රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ එම තනතුරෙන් ඉවත්කරනු ලැබීම ශ්රී ලංකා ක්රිකට් වෙත පැනවී ඇති ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ තහනම ඉවත්කරලීම උදෙසා සුබවාදී බලපෑමක් ඇතිකළ හැකි බව ක්රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්රේමදාස සහ එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්රතික්ෂේප කළා.

Latest News