රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලුම රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණ දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇති බව රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

උසස් පෙළ විභාගය සැප්තැම්බර් 7 වැනිදා සිට ඔක්තෝම්බර් 2වැනිදා දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශ තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ, ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් නිකුත් කරනු ලබන ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම සහ ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයන්හි සහතික පත් ලබාගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණීම වෙනුවට මාර්ගගත (online)ක්‍රමයට ඒ සඳහා අයදුම්පත් යොමුකිරීමට අවස්ථාව සලසා ඇති බව ප්‍රාචීන භාෂෝපකාර සමාගම සඳහන් කරයි.

මේ වසරේ සිට විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන සියලුම පාසල් විභාග සඳහා අයඳුම් කිරීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට තීරණය කර තිබේ.

Latest News