විදුහල්පතිවරුන්ට අද (29) සිට 2021 උසස් පෙළ ප්‍රතිඵල ලේඛන භාගත කිරීමට අවස්ථාව සලසා ඇතැයි, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි.

2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාරගැනීම මැයි 21 සිට ජුනි 11 දක්වා සිදු කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (04) නිකුත් කෙරුණු අතර ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබූ මුළු අයදුම්කරුවන් ගණන 194,297ක්.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දමන ලද විශ්වවිද්‍යාල සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු විවෘත කිරීමට සැළසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

සරසවිවලට අමතරව බඳවා ගනු ලැබූ සිසුන්ට සාපේක්ෂව විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබා දෙන ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

විශ්වවිද්‍යාල සඳහා උපකුලපතිවරු පත් කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට පාර්ලිමේන්තුවට කිසිදු අයිතියක් නොමැති බවත් ඒය පාර්ලිමේන්තුවේ කාර්යභාරය නොවන බවද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහාතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 කොන්දේසි කිහිපයක් යටතේ අද (06) සිට විශ්ව විද්‍යාල පද්ධතිය සිසුන්ට විවෘත වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.

විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් අයඳුම්පත්‍ර කැඳවීම පාසල් නැවත ආරම්භ කරන දින සිට සති දෙකක කාලයක් දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සීග්‍ර ආර්ථික වර්ධනයකට ඉවහල් වනපරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

සියලු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල විද්‍යා පීඨ බවට පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Latest News