සායින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස නම් කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සයින්දමරුදු කොට්ඨාසය ප්‍රාදේශීය සභාවක් වශයෙන් ප්‍රකාශ කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා 2017 වසරේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක්  අද කැදවනු ලැබූ අවස්ථාවේදී එම ප්‍රදේශය නගර සභාවක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙන් එම නඩු කටයුත්ත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමථයට පත් කෙරිණ.

Latest News