දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්‍ෂණ කොමිසන් සභාවට ඉදිරිපත්ව ඇති පැමිණිලි කිහිපයකට අදාලව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්‍ෂිකරුවෙකු ලෙස නම් කිරීමට එම කොමිසම අද තීරණය කළේය.

ඇවන්ගාඩ් සිද්ධියට සාක්‍ෂි පවතින්නේ නම්, ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි, යහපාලන ආණ්ඩුව සමයේ දී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා තමාට පැවසූ බව, හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා පවසයි.

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාව වෙත අද (13) කැඳවා තිබේ.

 පාසල් පෙළ පොත්වල ඡායාරූපය සහිත පණිවුඩයක් ඇතුලත් කිරීම සම්බන්ධව කරන ලද පැමිණිල්ලකට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද (25) පැමිණියේය.

රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 3 කින් දීර්ඝ කර තිබේ.

Latest News