ගාලු මුවදොර පිටියේ ජනතාවගේ පහසුව සඳහා ඉදි කර ඇති ස්ථානවලට, විරෝධතාකරුවන් රුපියල් ලක්ෂ 60 කට වැඩි අලාභ හානියක් සිදු කර ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු හා නිලතළවලින් ඉවත් කිරීම සහ ඊට බාධාකිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය විසින් එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මධ්‍යම කාරක සභාව වෙත වාරණ නියෝගයක් නිකුත් කළා.

රජයේ සේවකයන්ට ලැබෙන ප්‍රතිලාභ පෞද්ගලික අංශයටත් ලබා දෙමින් පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් විශේෂ සුභසාධන වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සීල්වා මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් හා නිකේතන දහයක්(10) නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා ජාතික කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ අනුමැතිය සහිතව තෝරාගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුප් ලබාදීම ප්‍රමාද කිරීම සඳහා වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වී ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

වැඩබිමකදී හෝ රාජකාරී අවස්ථාවක දී හදීසියේ මිය යන කම්කරුවෙකු සඳහා වර්තමානයේ ගෙවන රුපියල් ලක්ෂ 05 ක වන්දි මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

සමථ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමේදී ගමේ ආගමික නායකයින් ඒ සදහා සාමාජිකයින් වශයෙන් පත් කළ යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අපේ රටේ බන්ධනාගාර වල ඉන්න රැඳවියන් සංඛ්‍යාව තබගත හැකි සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් බවත් නව ගොඩනැගිලි රැසක් ඉදිකර මොවුන්ට වඩා හොඳ පහසුකම් ලබා දීමට දීර්ඝකාලීන හා මධ්‍ය කාලීන සැලැස්මක් දෙකක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Latest News