මාතලේ නගරයේ පිහිටි ශ්‍රී මුත්තුකුමරි අම්මාන් දේවස්ථානයේ වාර්ෂික තේරු උත්සවය වෙනුවෙන් රථවාහන ගමනාගමනය සිමා කිරීම සම්බන්ධයෙන් මාතලේ පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මාතලේ නගරයේ පිහිටි ශ්‍රී මුත්තුකුමරි අම්මාන් දේවස්ථානයේ වාර්ෂික තේරු උත්සවය එළඹෙන (12) උදැසන 6.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මෙම උත්සවය සමගාමීව රථ 05ක් (13) දින සවස 6.00 සිට වීථි සංචාරය කිරීමට නියමිතයි.

එබැවින් උත්සවය පැවැත්වෙන කාලසීමාව තුළ මාතලේ නගරය හරහා දඹුල්ල සිට මහනුවර දෙසට සහ මහනුවර සිට දඹුල්ල ගමන් කරන රියදුරන්ට සහ මහජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම නිවේදනය පහතින්,

Media on 2025.03.11 at1240 මාතලේ තේරු උත්සවය වෙනුවෙන් රථ වාහන ගමනා ගමනය සීමා කිරීම page 0001

Media on 2025.03.11 at1240 මාතලේ තේරු උත්සවය වෙනුවෙන් රථ වාහන ගමනා ගමනය සීමා කිරීම page 0002

Latest News