විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේ දී කොවිඩ් එන්නත ලබාගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා පිටත්ව යාමට නියමිත පුද්ගලයින්ට කොවිඩ් එන්නත් ලබාදීම අද සිට නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී සිදු කෙරෙන බව 'කොවිඩ් 19' පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත් කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (31) දිනයේ ද ස්ථාන කිහිපයක ක්‍රියාත්මකයි.

බස්නාහිර පළාත තුල කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පහත ස්ථානවලින් අද දිනයේද කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගත හැකියි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම මැයි මස පළමු සතියේ සිට ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා න්‍යාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්දන ජයසුමන මහතා ප්‍රකාශ කරයි.

රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන හතක් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරුණු යෝජනාවට අදාළ ඡන්ද විමසීම මෙරට වේලාවෙන් පස්වරු 2.00ට සිදු කෙරෙනු ඇති.

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ කාර්ය මණ්ඩලයට කොවිඩ් එන්නත ලබාදීම මේ දිනවල සිදු කෙරේ. ඊයේ වන විට 2,000කට පමණ එන්නත ලබා දී අවසන්.

එළඹෙන මාර්තු 01 වැනි දා සිට මධ්‍යස්ථාන 4,000 කදී වයස අවුරුදු 30 – 60 වයස් කාණ්ඩයේ සියලු පුරවැසියන්ට Covid-19 එන්නත් ලබා දීමට පියවර ගන්නා බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කරයි.

ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 09 ක් මිලදී ගැනීමට රජය සූදානම් බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා පවසයි.

Latest News