‍අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ බාරයේ  සිටියදී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කළේයැයි චෝදනා ලබා මේ වන විට තංගල්ල  පැරණි  බන්ධනාගාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා නැමැත්තාට ස්කයිප් තාක්ෂණය ඔස්සේ  දරුවා සමග කථා කිරීමට අද අවසර දෙන ලෙස  ඔහුගේ නීතිඥවරුන් ‍කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කර නොමැති බව, කොළඹ මහාධිකරණය අද දැනුම් දුන්නා.

නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ සහ සලිඳු මල්ෂිත හෙවත් ‘කුඩු සලිඳු’ නැමැත්න් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයෙන් සංවිධානාත්මකව මුදා ගැනීමේ ප්‍රහාරයක සැලසුමක් සම්න්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු යුද හමුදා සෙබළුන් දෙදෙනාගෙන්, දින 90 ක රැඳවුම් නියෝග මත  ප්‍රශ්න කෙරෙන බව, පොලිස් ආරංචි මාර්ග පවසනවා. ඔවුන්, විනය හේතු මත යුද හමුදාවෙන් ඉවත් කළ දෙදෙනෙකු බවයි, පැවසෙන්නේ.

Latest News