නව මුදල් අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු අලි සබ්රි මහතා අද (05) එම ධූරයෙන් ඉල්ලා අස්වුණා.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර රැසක් ජනතාව අතරට ගොස් ඇතැයි ද ඇමෙරිකාවෙන් ලැබෙන ඩොලර් මිලියන 480 ක ප්‍රදානය නොලැබුණහොත් මින් පාඩු සිදුවන්නේ ශ්‍රී ලංකාවට යැයි ද මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.එස්. සමරතුංග මහතා මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කියා සිටියේය.

 

මෙහිදී අදහස් දැක්වූ සමරතුංග මහතා...

“එම්.සී.සී. ගිවිසුම යටතේ අපට ලැබෙන්නේ ණයක් නෙමෙයි ප්‍රදානයක්. ශ්‍රී ලංකාව නැවත ඊට ගෙවීමක් කළ යුතු නැහැ. එය ඇමෙරිකාවේ බදු ගෙවන්නන්ගේ සල්ලි. ඒනිසා ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුබසාධනය සඳහා ශ්‍රී ලංකා රජය එම මුදල් වියදම් කරන්නේ කෙසේදැයි ඇමෙරිකාවට හොඳ අවබෝධයක් තේරුම් ගැනීමක් තිබිය යුතුයි. ඒ සඳහා මහවැලි සංවර්ධන මණ්ඩලය හෝ ගල්ඔය සංවර්ධන මණ්ඩලය වැනි ආයතනයක් පිහිටුවා ව්‍යාපෘතියට අදාළ මුදල් වියදම් කරන ආකාරය කළමනාකරණය කළ යුතුයි. එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් අපි එය කළ යුතු අතරම ගිවිසුමෙන් ද ඒ සඳහා ඉඩ සලසා දී තිබෙනවා.

ගිවිසුමට සම්බන්ධ පාර්ශව දෙකෙන් ඕනෑම පාර්ශවයකට කිසිදු හේතුවක් නොමැතිව දින 30කට පෙර ලිඛිතව පූර්ව දැනුම් දීමක් කරමින් ගිවිසුමෙන් ඉවත් වෙන්න පුළුවන්. එය ගිවිසුමේ හොඳින් සඳහන් වෙනවා.

එම්.සී.සී. ගිවිසුම ගැන උනන්දුවක් දක්වන ඕනෑම පාර්ශවයකින් ගිවිසුම හොඳින් කියවන්නැයි මම ඉල්ලා සිටිනවා. මුදල් අමාත්‍යාංශය ගිවිසුම ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ඒ වගේම රුපියල් 180 කට ඉඩම් දෙනවා කියලා ගිවිසුමේ සඳහන්ව ඇතැයි ඇතැම් පාර්ශව කියනවා. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව අනතුරේ හෙළමින් ඇමෙරිකාව එම ඉඩම්වල හමුදා කඳවුරු හදන්න සූදානම් වෙනවා කියලා ඇතැම් නිලධාරීන් කියනවා. එවැනි කිසිවක් මේ ගිවිසුමේ නැහැ.

මෙරට ආර්ථික වර්ධනයට බාධා එල්ල කර තිබෙන කරුණු දෙකකට විසඳුම් සෙවීමේ අරමුණින් තමයි මේ ගිවිසුම සකස් කර තිබෙන්නේ. ගිවිසුම ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ව්‍යාපෘතිය යන කොටස් දෙකෙන් සමන්විත වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ශක්තිමත් කිරීමත් ප්‍රගතියක් අත්පත් කරගැනීමත් අරමුණු කරගනිමින් සහ දරිද්‍රතාව අඩු කිරීමේ අරමුණින් මේ ව්‍යාපෘතිය සකස් කර තිබෙනවා. ආර්ථික වර්ධනය ළඟා කිරීමටත් දරිද්‍රතාව අඩු කිරීමටත් මේ ව්‍යාපෘතිය ඉතාම වැදගත්. මේ ව්‍යාපෘතිය අවශ්‍ය නැත්තේ කාටදැයි කියන ප්‍රශ්නය මට තියෙනවා. මෙය ඇමෙරිකාවෙන් ලැබෙන පරිත්‍යාගයක් වගේම විශාල ව්‍යාපෘතියක්. එයින් ප්‍රතිලාභ ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවට. එවැන්නක් ඕනෑ නැහැ කියන්නේ කාටදැයි කියන ප්‍රශ්නය මට තියෙනවා.

දේපළ සම්බන්ධ, විශේෂයෙන්ම ඉඩම් ඔප්පු සම්බන්ධ ලියකියැවිලි තවමත් තිබෙන්නේ දුර්වල මට්ටමක. ඒවා පවත්වාගෙන යන්නේ ඉතාම දුර්වල මට්ටමක. ඒ ලියකියවිලි සොරකම් කරන්න පුළුවන්, ගිනි තබන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන් සහ වංචා වීමේ වංචා කිරීමට ඇති ඉඩකඩ ඉතාම වැඩියි. ඒ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා එම්.සී.සී. ගිවිසුමෙන් අරමුදල් ලැබෙනවා. මේ ලියකියවිලි ස්කෑන් කර ඩිජිටල්කරණය කර පරිගණකගත කරනවා.” යැයි ද ඔහු මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ප්‍රකාශකර සිටියේය.

1 MCC Flyer 1

2 MCC Flyer 2

3 MCC Flyer 3

4 MCC Flyer 4

පොලිස් දෙපාර්තමේන්තුවේ පවත්නා පුරප්පාඩු නොසලකා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් පවතී.

අමෙරිකානු ඩොලර් 53,455ක මුදලක් මෙරටින් පිට කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා නීති විරෝධීව රේගුවට බලපෑම් කරන ලදැයි, ප්‍රචාරය වන පුවත ප්‍රතික්ෂේප කරන බව, මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසයි.

Latest News