විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වනු පිණිස පරිවර්තනය කිරීමේදී ඒ සඳහා විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කරන බැවින් එවැනි ත්‍රිරෝද රථවල තාර බර කිලෝ ග්‍රෑම් 500 ඉක්මවන බව හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ භාවිත ත්‍රි රෝද රථ විද්‍යුත්කරණය හෝ නව විදුලි ත්‍රි රෝද රථ ආනයනය සම්බන්ධ නියමු ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගයෙන් ආරම්භ කර තිබෙනවා.

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට ප්‍රතිපාදන සැලසීම සඳහා මෝටර් ප්‍රවාහන පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Latest News