‍2022 මාර්තු 31 වැනිදා සිට හෙට දක්වා වන කාලසීමාවට නික්තු කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර, තවත් වසර දෙකක් සඳහා වලංගු බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ‍දැනුම් දෙනවා.

එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍ර කාඩ්පත් සංඛ්‍යාව 50ක් දක්වා සීමා කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

පුද්ගලයෙකුට ජාතික හැඳුනුම්පතක් තිබීම අත්‍යවශ්‍ය වගේම තමයි, රියැදුරෙකුට රියදුරු බලපත්‍රයක් තිබීමත්.

මාස 06ක කාලයක් සඳහා නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසරක් දක්වා දීර් ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දිර්ඝ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ මස 01 වැනිදා සිට කල් ඉකුත් වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය සැප්තැම්බර් 30 වැනිදා තෙක් දීර්ඝ කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ඊයේ (01 වැනිදා) පැවසීය.

මෙතෙක් විශාල  මුදලක් ගෙවා පුද්ගලික ආයතනයක් මගින් නිකුත් කරන ලද රියදුරු බලපත්‍ර සැකසීම  මෝටර් රථ ප්‍රවාහණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලැබීය.

රියදුරු බලපත්‍ර නිකුත්‌ කිරීම සඳහා පවත්වනු ලබන ප්‍රායෝගික පරීක්‍ෂණය, බාහිර පාර්ශව වෙතින්‌ ඉටුකර ගැනීමට පසුගිය රජය ගෙන තිබු තීරණය, අවලංගු කෙරුණා.

රියදුරු බලපත්‍ර සඳහා වන වෛද්‍ය පරීක්‍ෂණ පිළිබඳව දිනය හා වේලාව වෙන්කර ගැනීමේ පහසුකම් ක්‍රියාත්මක කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේද විවෘතව තැබීමට ප්‍රවාහන සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උපදෙස් දී තිබේ.

Latest News