ස්වටිසර්ලන්තයේ සිටි කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයෙකු ඊයේ මියගොස් තිබේ.
ලෝකයේ නව කොරෝනා වෛරස් ආසාදිතයින් වැඩිම රට බවට අමෙරිකා එක්සත් ජනපදය පත්ව තිබේ. මෙතෙක් වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වූ රට බවට පත්ව තිබුණේ, චීනයයි.
දිවයිනේ කොරෝනා වෛරසය ආසාදිත පිරිස 106 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ වෛරසය ආසාදනය වී ඇති බවට තවත් සිව් දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමගයි.
කොරෝනා වෛරය පැතිරීම පාලනය සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට සමත් වී ඇත.
ශ්‍රී ලංකාව තුළ COVID-19 රෝගයට ගොදුරු වූ නව රෝගීන් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තාවේ.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසුකරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සඳුදා ස්ථාපනය කළ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” වගකීම් රැසක් පැවරී තිබේ.
කොරෝනා වෛරසය රට තුළ ව්‍යප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
සියලු ප්‍රවාහන කටයුතු ඇනහිට ඇති පරිසරයක් තුළ තැපැල් දෙපාර්තමේන්තු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ තැපැල්පතිතුමා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
අද දිනයේදීත් (26) ප.ව.4.45 වන විට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව වාර්තාවේ.
විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවාසිටි තවත් පුද්ගලයින් 223 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර යවා තිබේ.