වරාය මෙහෙයුම් කටයුතු සඳහා ඩිජිටල් සන්නිවේදන පද්ධතියක් ක්‍රියාත්මක කරන බව, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

කොළඹ වරායේ සියලු ආනයන නිෂ්කාශන කටයුතු අන්තර්ජාල පහසුකම් යටතේ විද්්‍යුත් ගෙවීම් ලෙසින් (e-payment) සිදුකිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගෙන තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව වරාය සේවකයෝ අරඹා තිබූ වැඩ වර්ජනය නැවැත්වීමට පියවර ගත් බව වෘත්තීය සමිති එකමුතුව පවසයි.

රුසියානු නාවික හමුදාවට අයත් ‘යරොස්ලව් මඩ්රි’ (Yaroslav Mudry) සහ ‘වික්ටර් කොනෙට්ස්කි’ (Victor Konetsky) යන නෞකාවන් දෙකක් අද කොළඹ වරායට ‍සේන්දු විය. තෙදින සුහද සංචාරයක් සදහා පැමිණි මෙම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.

කොළඹ වරායේ ආරක්ෂාව වඩාත් තහවුරු කිරිම සඳහා පුර්ණ අනුකුලව ආරක්ෂක කැමරා පද්ධතියක් (CCTV Camera) ක්‍රියාත්මක කරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබේ.

ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් අද(05) කොළඹ වරායට පැමිණීමට නියමිතයි. ඒ රජයේ හදිසි මිලදී ගැනීම් යටතේයි.

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද ( 07) කොළඹ වරායට ‍සේන්දු විය.

මේ වසරේ අප්‍රේල් මාසයේ දී කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව පසුගිය වසරට සාපේක්ෂව 9.1%කින් ඉහළ ගොස් තිබේ.

කොළඹ වරාය, සුහුරු වරායක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය සිදු කෙරෙමින් පවතින බව, අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

Latest News