අල්ලස් කොමිසමේ සභාපති ඇතුළු කොමසාරිස්වරු තිදෙනාගේ පූර්ව අනුමැතියකින් තොරව පසුගිය කාලයේ ගොනු කළ නඩු 45 ක් පමණ ඉල්ලා අස්කර ගැනීමට එම කොමිසමේ නව පාලනාධිකාරිය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද ප්‍රකාශ කෙරුණා.

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තාක්ෂණික දෝෂයක් නිසා එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බව අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

පසුගිය ආණ්ඩුවේ දුෂණ ගැන කළ පැමිණිලි පිළිබඳව සොයා බලන්නැයි වාසුදේව,මහින්දානන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් අල්ලස් කොමිසමට ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබේ.

Latest News