රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව ජුලි මස 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

ගාලු වරාය ආසන්න මුහුදු තීරයෙහි පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ දෙපාර්ශවයේ දේශන සටහන් කර ගැනීම අප්‍රේල් මස 23 වන දා සිදු කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යම් සිද්ධිය සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 02 වන දා ආරම්භ කරන බව කරන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට අදාළව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ ඇතැම් චෝදනා ගොනු කර ඇති ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් විත්තිය විසින් මතුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළා.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ විෂය පඨයට ඇවන්ට්ගාඩ් පැමිණිල්ල අයත් බවට කොමිෂන් සභාව තීන්දු කර ඇති හෙයින්, එය විනිශ්චය කිරීම දිගටම සිදු කරන බව එම කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අවධාරණය කරයි.

ඇවන්ගාඩ් සිද්ධිය මත ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පසුගිය රජයේ පිරිසක් සැලසුම් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්‍ෂ මහතා අනාවරණය කළේය.

ඇවන්ගාඩ් සමාගමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන අධිචෝදනා පත්‍රය නිෂ්ප්‍රභ කරන ලෙස විත්තිය විසින් ඉදිරිපත් කළ විරෝධතා පිලිබඳ නියෝගය ලබන 20 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කරයි.

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමේ දී එම කොමිසමේ කොමසාරිස්වරු විසින් ඊට අදාළ ලිඛිත අනුමැතියක් ලබා දී තිබේද? යන්න පරීක්ෂා කිරීම සඳහා ජනවාරි මස 20 වැනිදා විමසීමක් සිදු කරන බව කොළඹ මහාධිකරණය අද ප්‍රකාශ කළේය.

බලපත්‍රයක් නොමැතිව නෞකාවක් තුළ ගිනිඅවි තබා ගැනීමට චෝදනා එල්ල වී සිටින ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

Latest News