වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් කොට්ඨාස බල ප්‍රදේශයට හෙට උදේ 07.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
ජාත්‍යන්තර එක් දින ක්‍රිකට් පිටියේ ඉහළම ආරම්භක පිතිකරු සබඳතාවේ ලෝක වාර්තාව බිඳ හෙලීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජෝන් කැම්බල් සහ ශායි හෝප් අද සමත්වූහ.
මෙරට ඉතා ඉක්මණින් සංචාරකයන්ට ආරක්ෂිත ගමනාන්තයක් වනු ඇතැයි, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
පසුගිය 21 වන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට ගොඩනැගීමට වු යෝජනා මාලාවකින් සමන්විත එක්සත් ජාතික පක්ෂ කතෝලික මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කළ ලිපිය අද පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ද භාර දෙනු ලැබිණ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (05) ඓතිහාසික අවුකන රජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.
මඩකලපුව, තාලන්කුඩා, ඔල්ලික්කුලම් ප්‍රදේශයේ දී අද (05) උදෑසන පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් ISIS ත්රස්තවාදීන්ගේ පුහුණු කඳවුරක් සොයා ගෙන තිබේ.
තලවකැලේ නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක ආරක්ෂිත පැති බැම්මක් ඉදි කිරිමට අත්තිවාරම් කපමින් සිටි තිදෙනෙක් පස් කන්දකට යටවි තිබේ.