උකුවෙල දී විදුලිසැර වැදී එකම පවුලේ 3ක් මරුට

දෙසැ 30, 2019

    මාතලේ - උකුවෙල,ගුරලවෙල ප්‍රදේශයේ දී අනවසර විදුලි රැහනක පැටලී එකම පවුලේ මව,පියා,ලේලිය මිය ගොස් තිබේ.

    පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රී මෙම අනතුර සිදුව ඇති බවයි. පියා නිවසෙන් පිටතට ගොස් නැවත නොපැමිණීම හේතුවෙන් ඔහු පිළිබඳ සොයා බැලීම සඳහා බිරිඳ,දියණිය හා ලේලිය ද පිටතට ගොස් තිබේ. අනතුරුව ඔවුන්ටද විදුලි සැර වැදී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. සිද්ධියෙන් දියණියට හානියක් සිදුව නැත.

    Last modified on සදුදා, 30 දෙසැම්බර් 2019 08:48

    Latest News