උත්සව සමයේ ජනතා ආරක්ෂාව තහවුරුයි..යුද හමුදාපති (වීඩියෝ)

දෙසැ 23, 2019
  • එළඹෙන උත්සව සමයේ දී ජනතා ආරක්ෂාව සහතික කොට ඇතැයි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ සඳහා වන උපදෙස් ජනාධිපතිතුමා විසින් ආරක්ෂක මණ්ඩලයේ දී තමාට ලබාදුන් බවයි, ඔහු කියා සිටියේ.

    යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේ, බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය දෙපස අරලිය පැය රෝපණය කිරීමේ වැඩසටහනට අද උදේ එක්වෙමින්. ව්‍යාපෘතිය තුරුමිතුරු නව රටක් ලෙස නම් කර තිබේ. මාර්ගය දෙපස අරලිය පැය 170ක් රෝපණය කෙරිණ. මෙම ව්‍යාපෘතිය සියලුම යුද හමුදා කඳවුරුවල ක්‍රියාත්මකයි. 

     

    Last modified on සදුදා, 23 දෙසැම්බර් 2019 20:01

    Latest News