අලි කරදරය නිසා භීතියෙන් ගෙවී යන ජීවිත..

දෙසැ 17, 2019

    වනඅලින් ගම්වැදීම නිසා දැඩි ජිවිත අවධානමක් මෙන්ම වගාවන් දිනපතා විනාශ වන ජනතාවක් ජීවත් වෙන ගම්මාන කිහිපයක් අනුරාධපුර දිස්ත්රිහක්ක යත් මාතලේ දිස්ත්රි ක්ක යත් යාකෙරෙන ප්රතදේශයක පිහිටා තිබේ.

    අනුරාධපුරය හා මාතලේ දිස්ත්‍රික්කවලට මායින්ව පිහිටි දඹුලු හල්මිල්ලවැව,ආනකටාව,උල්පත පාර,මකුළුගස්වැව ඇතුළු ගම්මානවල ජීවත්වල ජනතාව වනඅලි උවදුර නිසා දැඩි පීඩාවට පත්ව සිටිති. වනඅලි රාත්‍රී කාලයේ ගම් වැදීම නිසා ජනතාව ජීවිත අවදානමකට මුහුණ දෙමින් භීතියකින් ජීවත්ව සිටිති.

    වන අලින් සියලු බෝග විනාශ කර විශාල පොල් ගස් නිවාස වලට පෙරලා දැමීමට පටන් ගෙන ඇතැයි ජනතාව පවසති. ගම්වාසීන් මාර්ගයේ හා නිවෙස් ඉදිරිපිට ගිනිමැල දල්වමින් අලින් පලවා හැරීමේ කටයුතු සිදුකරමින් සිටියි.

    ප්‍රදේශවාසීන් ගම්මාන 15ක පමණ මරණාධාර සමිතිවල මුදල් රුපියල් ලක්ෂ 30 කට වැඩි ප්‍රමාණයක් එකතු කොට විදුලි වැටක් ඉදි කළ ද එය අක්‍රීය මට්ටමේ පවතින බවයි ගම්වාසීන් පවසන්නේ. මෙම ජනතාවගේ දුෂ්කර ජීවිතය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කොට භීතියකින් තොරව ජීවත්වීමට හැකි පරිසරය සකසා දෙන්නැයි, ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

    ali hani 06

    ali hani 03

    ali hani 08

    ali hani 07

    ali hani 05

    Last modified on අඟහරුවාදා, 17 දෙසැම්බර් 2019 07:40

    Latest News