මැදිහත්කරුවන් ලෙසින් නීතීඥ මන්ත්‍රීවරු 10ක් පෙත්සමට

දෙසැ 04, 2018

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සමට මැදිහත්වීම් පෙත්සම්කරුවන් ලෙස ඉදිරිපත් වීමට පාර්ලිමේන්තුවේ නීතීඥ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගෙන තිබේ.

    අනුර ප්‍රියදර්ශන යාපා, පවිත්‍රා වන්නිආරච්චි, චන්දිම වීරක්කොඩි,  ලක්ෂ්මන් වසන්ත පෙරේරා, සිසිර ජයකොඩි ඇතුළු නීතීඥ මන්ත්‍රීවරු දස දෙනෙක් ඒ අතර වෙයි.  අද පෙරවරු 10.30ට පෙත්සම් විභාගය අගවිනිසුරු නලින් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    Latest News