ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

දෙසැ 12, 2019

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි. ඒ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. නව ආණ්ඩුව පත්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වන පළමු අවස්ථාව අදයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද දිනයේ රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සහභාගීවිමට හැකියාව තිබුණ ද විපක්ෂනායකවරයා ලෙස නම් කර ඇති සජිත් ප්‍රේමදාස මහතාට ඒ සඳහා අවස්ථාව හිමි නොවනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ ඔහු මෙතෙක් විපක්ෂනායකවරයා ලෙස නිල වශයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කර නොතිබීම හේතුවෙන්. 10 දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා නිල බලයෙන් පත්ව සිටියි.

    කෙසේවෙතත් අනෙක් මන්ත්‍රීවරුන් සිව් දෙනා සහ සිවිල් සාමාජිකයින් තිදෙනා අද දිනයේ රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සහභාගී වනු ඇති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කර ඇති සාමාජිකයින් ඉවත් කිරිමට හැකියාවක් නොමැති අතර ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්වන තුරු අදාල පත්විම් වලංගු වෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 07:51

    Latest News