වැට් බද්ද අඩු කිරීමෙන් ඉඳිකිරීම් ක්‍ෂේත්‍රයට නව පිබිදීමක්; පොදුජන ඉංජිනේරු පෙරමුණ

දෙසැ 10, 2019

    වැට් බද්ද අඩුකිරීම තුළින් ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයේ ප්‍රතිලාභ රැසක් හිමිවන අතර ඒ සමඟ නව පිබිදීමක් ද සිදුවනු ඇති බව, ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ ජාතික කමිටු සාමාජික මාලක ගුණසේකර මහතා පවසයි.

    ප්‍රවාහන ක්‍ෂෙත්‍ර යේ දියුණු කිරීම සඳහා ඉදිරියේ දී වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක බව ද ඔහු කියා සිටියේය.

    මාලක ගුණසේකර ජාතික කමිටු සාමාජික - ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ....

    “වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීම අපි ඉංජිනේරුවරු හැටියට විශේෂයෙන් වැඩි ඉංජිනේරුවරු පිරිසක් සහභාගි වෙලා ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයට සහ අනෙකුත් නිෂ්පාදන ක්‍ෂෙත්‍රයට ඉතාම රුකුලක් වෙලා තියෙනවා. ඒවගේම ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයට තිබුණ 28%ක් වන ආදායම් බදු 14% දක්වා අඩු කරලා තියෙනවා. ඉතාමත් හොඳ තත්වයක්. ඉදිකිරීම් ක්‍ෂෙත්‍රය සම්පුර්ණයෙන්ම කඩාවැටීමක් වෙලා තිබුණේ පසුගිය කාලයේ. ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය මිල ඉතාම ඉහළ තත්වයක පැවතීම නිසාත්, ඉදිකිරිම්වල වියදම පාරිභෝගිකයන්ට දරා ගැනීමට නොහැකි වූ නිසාත් ඉදිකිරීම් ක්‍ෂෙත්‍රය සම්පුර්ණයෙන් කඩා වැටීමකට ලක්වෙලා තිබුණා. අපි හිතනවා ආණ්ඩුව ඉතාමත් කාලෝචිත තීරණයක් ගත්තා. පළමුවෙන්ම වැට් බද්ද අඩුකිරීමත්, ඉදිකිරීම් සඳහා වන ආදායම් බද්ද අඩු කිරීමට තීරණය කිරිමත්. ප්‍රවාහන ක්‍ෂෙත්‍රයේ විශාල පරිවර්තනයකට අපි යා යුතුව තියෙනවා අපිට හුඟාක්ම සහයෝගය දෙන්න අවශ්‍යයි අපි මැදිහත් වෙන්න උත්සාහ කරනවා දුම්රිය සංවර්ධනයට. අපි දකිනවා ඉතාම මිල අධික නාස්තිකාර ක්‍රමයක් වෙනුවට දුම්රිය ප්‍රවාහනය ලංකාවේ ඉතා ව්‍යාප්ත විය යුතුයි. මේ සඳහා තව තවත් අධීක්‍ෂණයන්, තාක්‍ෂණික ඇගයීම්, ව්‍යාපෘතීන් හඳුන්වා දිය යුතුයි. ඒ සඳහා අපි අපේ සහයෝගය ඉදිරියට දිගින් දිගටම දෙන්න බලාපොරොත්තු වෙනවා“ යැයි මාලක ගුණසේකර මහතා පැවසීය.

    Latest News