නාඩු සහ සම්බා උපරිම සිල්ලර මිලකට හාල් මෝල්හිමි එකඟතාවක්

දෙසැ 10, 2019

    උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් ලබා දීමට මහා පරිමාණ සහල් මෝල් හිමියෝ එකඟත්වය පළ කළහ.

    අද (10) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමග පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹිණි. ඒ අනුව අද සිට නාඩු සහල් කිලෝවක් රුපියල් 98ක, සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 99ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට සහල් මෝල් හිමියෝ එහි දී එකඟ වූහ.

    සහන මිලට සහල් අලෙවි කිරිමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් ගත් තීරණය අනුව පාරිභෝගික ජනතාවට හිගයකින් තොරව සහල් මිල දී ගැනීමට හැකි වනු ඇත. ඒ අනුව හෙට සිට සහල් මෝල් හිමියන්ගේ බෙදා හැරීම් ජාලය ඔස්සේ සහන මිලට මිල දී ගත හැකි වන පරිදි සහල් බෙදා හැරීම සිදුවේ.

    Latest News