ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීනිය අධිකරණ වෛද්‍ය වෙතට

දෙසැ 10, 2019

    පැහැර ගත් බව පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීය නිලධාරීනිය වු ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනය වෙත අද දෙවන දිනටත් ඉදිරිපත් කෙරිණි.

    මේ අනුව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටියේ තෙවන දිනටයි. ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් අද පෙරවරු 9.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර මීට ස්වල්ප වේලාවකට පෙර ප්‍රකාශය ලබාදීම අවසන් කර ඇය පිටව ගොස් තිබේ.

    මේ අනුව ඇයව පැය 04කට අධික කාලයක් අද දින ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනිම සිදුවුවා.

    පළමු වරට ඇය ප්‍රකාශයක් ලබාදිමට පසුගිය ඉරිදා (08) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටියාය. ඊයේ දෙවන දිනය වු අතර ඇයගෙන් පැය 5කට අධික කාලයක් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කටයුතු කළ අතර අධිකරණ වෛද්‍යවරයා හමුවටද ඉදිරිපත් කෙරිණ.

    Latest News