පුනරුත්තාපන රැඳවියන්ට සමාජගතවීමට අවස්ථාව දෙනවා..ඇමති නිමල්

දෙසැ 10, 2019

    අපේ රටේ බන්ධනාගාර වල ඉන්න රැඳවියන් සංඛ්‍යාව තබගත හැකි සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් බවත් නව ගොඩනැගිලි රැසක් ඉදිකර මොවුන්ට වඩා හොඳ පහසුකම් ලබා දීමට දීර්ඝකාලීන හා මධ්‍ය කාලීන සැලැස්මක් දෙකක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

    ඔහු මෙම අදහස් පළ කළේ වැලිකඩ බන්ධනාගාර මුලස්ථානයේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

    මාධ්‍යයට අදහස් දැක්වූ නිමල් සිරිපාල ද සිල්වා...

    "දැනට අපට කරන්නට තියෙන්නේ වහාම මේ බන්ධනාගාර තුල තියෙන පහසුකම් වඩාත් වැඩි දියුණු කිරීම. සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නෑ. ඒ නිසා මම දැනටමත් මිලියන 10ක් වෙන් කරලා තියෙනවා. අඩුපාඩු රාශියක් සඳහා අපි මුදල් නිකුත් කර දීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි මාස තුන ඇතුලත දී වෙනසක් පෙනෙන ආකාරයට පහසුකම් ලැබෙන ආකාරයට, වහාම කළ හැකි කාර්යයන් තෝරා බේරාගෙන ඒ කටයුතු කරන්න.

    ඒවගේම සිරකරුවන්ගෙන් තිබුන මැසිවිල්ලක් තමයි, ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාරයේ රැඳී සිටිනවා. ඔවුන් පුනුරුත්ථාපනය වී සිටිනවා, ඒ නිසා ඔවුන්ට සමාජගතවීම සඳහා අවස්ථාවක් සලසා දෙන්න කියලා..

    ඒ ගැන මම නීතිපතිතුමත් අධිකරණ ක්ෂේත්‍රයත් සමඟ කතා කරලා අලුත් ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව, දීර්ඝකාලීනව හොඳ කල් කිරියාවෙන් හිටපු එහෙත් අපරාධ වල ස්වාභාවය අනුව, විශේෂයෙන්ම පාතාලය, ස්ත්‍රී දූෂණය, සංවිධානාත්මක මිනීමැරුම්, ඒ අයට නෙමෙයි.. එයින් පරිභාහිරව දීර්ඝකාලයක් බන්ධනාගාර ගතවෙලා හොඳ කල් කිරියාවෙන් ඉන්න අය ඉන්නවා.. අපි බන්ධනාගාරත තුල රඳවා තබන්නේ ඔවුන් පුණරුත්තාපනය කිරීමේ අරමුණින්.

    ඒ අරමුණ ඉෂ්ඨ වුනානම් ඔවුන් සමාජගත කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඉතින් ඒ සඳහාත් අපි ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රිමාන්ඩ් බන්ධනාගාරවල විශාල පිරිසක් ඉන්නේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ නඩු සම්බන්ධයෙන්.

    මත්ද්‍රව්‍ය නඩු වල ප්‍රමාණය පසුගිය වර්ෂය තුලදී 150% වැඩිවෙලා තියෙනවා.
    මේ නඩු ප්‍රමාදවීම එක් හේතුවක්. රසපරීක්ෂක වාර්ථාවන් කලට වේලාවට නොලැබෙන එක. ඒ පිළිබඳ මමත් මගේ ලේකම්තුමත්, රසපරීක්ෂක දෙපාර්තමේන්තුව සමග දීරඝ සාකච්ඡාවක් දැනට පසුගිය සතිය තුල පවත්වලා රස පරීක්ෂක වාර්ථා ඉක්මන් කිරීමේ ක්‍රියාවලියක් යෙදෙව්වා.

    ඒවගේම මේ බන්ධනාගාර තුල ඉදන් අපරාධ කිරීමට පෙළඹෙන සිරකරුවන් පිළිබඳව, රැඳවියන් පිළිබඳව විශේෂ අවධානයකින් කටයුතු කිරීම සඳහා මම බලාපොරොත්තු වෙනවා සී. සී. ටීවී කැමරා මේ සෑම බන්ධනාගාරයක් තුලම සවිකිරීමට. ඊලඟට අපි පරිපාලනයේ විශාල වෙනසක් සිදු කරන්නට ඕන මේ බන්ධනාගාර නිලධාරී, කොමසාරිස්තුමා, වැඩ කරන්නේ බොහොම අමාරුවෙන්.

    අපට අවශ්‍ය කාර්යය මණ්ඩල, බන්ධනාගාර නියාමකවරුන්, ජේලර්වරුන් නෑ. ඒ අය අපි ඉතා ඉක්මනින් බඳවාගෙන ඒ පහසුකම් සලසා දීලා තමයි අපි ඔවුන් තුලින් වඩාත් හොඳ සේවයක් බලාපොරොත්තු වෙන්න ඕනි. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කටයුතුත් ඉටු කරන බවට ප්‍රකාශ කරන්නට කැමතියි."

    justice minister prison visit 2019.12 2

    justice minister prison visit 2019.12 3

    justice minister prison visit 2019.12 4

    Last modified on අඟහරුවාදා, 10 දෙසැම්බර් 2019 16:05

    Latest News