එජාපය මහ මැතිවරණය රනිල් සමග නොව සජිත් ප්‍රේමදාස නායකත්වයෙන්.... චන්දිම ගමගේ

දෙසැ 10, 2019

    එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී තරග කරන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග නොව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම ගමගේ මහතා පවසයි.

    දඹුල්ල පැවැති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව කියා සිටියේය.

    එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වලට ගොස් භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කරමින් බෞද්ධ ඡන්ද වැඩි කරගැනීම සඳහා මේ දිනවල ක්‍රියා කරණ බව චමින්ද ගමගේ මහතා පෙන්වාදුනී. තමන් බලයේ සිටි කාලයේ වෙහෙර විහාරස්ථාන වලට සිදු කළ සේවාව පිළිබඳව මතක් කර දෙමින් අලුත්ගම ගමනකට සූදානම් වන බව ඔහු පැවසිය.

    බැඳුම්කර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ සැනින් ඔවුන්ගේ රදවාගෙන ගෙන ඇති මුදල් මහ බැංකුවට ලබාදීමෙන් එය විසඳීමට හැකි වන බව බැඳුම්කර වංචාව පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය. එහෙත් තමන් සිදුකරන ප්‍රකාශ ජනමාධ්‍ය මගින් එළියට එන්නේ නැති බවට ද හෙතෙම චෝදනා කළේය. ඉදිරියේදී භාණ්ඩ රැසක මිල වැඩිවෙන බවත් රාජ්‍ය සේවකයන්ට අසාධාරණකම් රැසක් සිදුවන බවට ද මෙම මාධ්‍ය හමුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටි.

    Latest News