1448kg බීඩි කොළ පේසාලේ මුහුදෙන්

දෙසැ 10, 2019

    මන්නාරම, පේසාලේ ප්‍ර‍දේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 1448 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. පාර්සල් 29 ක මේවා අසුරා තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ.

    තවද, නාවික හමුදාව සිදු කරනු ලබන අඛණ්ඩ මුර සංචාර හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මෙම බීඩී කොළ තොගය මුහුදේ අතහැර දමා ‍ගොස් ඇති බවට සැක පළ කරයි. සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 10 දෙසැම්බර් 2019 07:41

    Latest News