MCC ගිවිසුමේ සැඟවුණු සමාජීය සහ ආර්ථික ප්‍රශ්න ගණනාවක් තියෙනවා; ආචාර්ය දමයන්ති පෙරේරා

දෙසැ 09, 2019

    එම්.සී.සී ගිවිසුම තුළ සැඟවුණු සමාජීය සහ ආර්ථික ප්‍රශ්න ගණනාවක් ඇති බව ආචාර්ය දමයන්ති පෙරේරා මහත්මිය පැවසුවාය.

    ඇය මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සන්ධානය පැවැත්වූ මාධ්‍ය හමුවකට අද එක්වෙමින්.

    ඉහිදී අදහස් දැක්වූ ආචාර්ය දමයන්ති පෙර්රා මහත්මිය...

    “මෙහි ප්‍රධාන අරමුණ ලංකාවේ ඉඩම් ගෝලීය වෙළෙඳ පොළට නිදහස් කිරීම. නිදහස් වෙළෙඳාම කියන එක ආවහම වෙන්නේ නිදහස තියෙන්නේ ඔබටත්, මට නොවේ ලෝකයේ බහු ජාතික සමාගම්වලට. අපේ රටවල්වලට ඇවිල්ලා නිදහසේ ඔවුන්ට රිසිසේ ඔවුන්ගේ ව්‍යාපාර ගෙන යාමට. මේ වගේ ව්‍යාපෘති ලංකාවේ පටන් ගත්තාහම සුළු ගොවියන්ට, පාරිභෝගිකයන්ට සහ ලංකාවේ පරිසරයට ලොකු තර්ජනයක් ඇතිවෙනවා. සීමිත ඉඩම් ප්‍රමාණය අක්කර පන් දහසේ ඒවා බහුජාතික සමාගම්වලට දුන්නහම එක රැයකින් ලංකාවේ ඵලදායි ඉඩම් සියල්ලම බහුජාතික සමාගම් එකකට නැත්නම් දෙකකට බද්දට ගන්න පුලුවන්. මේ විධියට මේ ඉඩම් ටික ගියොත් අපේ සම්පුර්ණයෙන්ම ගොවියෝ නැතිවෙනවා. ඒ කියන්නේ සුලු ගොවියා නැති කිරිම තමයි මේකේ යටි අරමුණ. කෘෂිකර්මය බහුජාතික සමාගම්වලට දීම. සුළු ගොවියා නැතිවුණ දාට ඔබගේත්, මගේත් බත්පත, ආහාර පත නැතිවෙනවා“ යැයි ආචාර්ය දමයන්ති පෙරේරා මහත්මිය පැවසුවාය.

    Latest News