ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය අධිකරණ වෛද්‍යවරියක හමුවටට: තොරතුරු වල පරස්පර තාවක්

දෙසැ 09, 2019

    කොළඹ ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට, විදෙස් ගතවීම සඳහා පනවා තිබූ තහනම, ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

    ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. මේ අතර, අදාළ කාන්තාව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද දෙවැනි දිනටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියාය.ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැති නිලධාරිනිය, ඊයේ පළමු වරට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියාය. එහිදී ඇයගෙන් පැය 9ක කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව, එම දෙපාර්තමේන්තුව පවසයි. එහිදී අදාළ කාන්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කෙරිණ. ඒ, ඇය පහරදීමකට හෝ අතවරයකට මුහුණ දී සිටින්නේ ද යන්න, තහවුරු කරගැනීම සඳහා.

    එහෙත් වෛද්‍යවරයෙකු හමුවේ පරීක්‍ෂණයකට ඉදිරිපත්වීමට ඇය අකමැත්ත ප්‍රකාශ කළාය. කෙසේ වුවද අද ඇය අධිකරණ වෛද්‍යවරියක හමුවට ඉදිරිපත් කළාය. එහි වාර්තාව, ලබන 12 වැනිදා ඉදිරිපත් කරන ලෙස, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. එමෙන්ම ඇය කිසියම් මානසික පීඩනයකට ලක්ව සිටීද යන්න පිළිබඳව ද වාර්තාවක් ලබා දෙන්නැයි, අධිකරණය නියම කළේය. අනතුරුව, ඇය යළි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන එනු ලැබුවාය. මේ වනවිටත් ඇගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බව වාර්තා වේ.

    කෙසේ වුවද පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ, එම තැනැත්තිය ලබාදී ඇති ප්‍රකාශ හා මීට ඉහත පැමිණිල්ලේ සඳහන් වූ ප්‍රකාශ සමඟ යළිත් පරස්පරතා හටගෙන ඇති බවයි. මේ අතර ඊයේ දිනයේ ඇයගේ නියෝජිතයෙකු මාධ්‍යයට කියා සිටියේ ඇයගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නිවසට පැමිණෙන ලෙසයි. ඒ අනුව ඔහු සඳහන් කළ 115/2, බාන්ස් පෙදෙස, කොළඹ 07 පිහිටි නිවසට අප වාර්තාකරු අද පෙරවරුවේ පැමිණියේය. එහිදී එම නිවසේ කිසිවෙකුත් නොසිටි අතර ආරක්‍ෂකනිලධාරියෙකු පැවසුවේ තානාපති කාර්යාලයක සේවය කරන කිසිදු කාන්තාවක් එම නිවසේ පදිංචිව නොසිටින බවයි.

    Last modified on සදුදා, 09 දෙසැම්බර් 2019 20:35

    Latest News