ජනපතිවරණ පසුබෑමෙන් කඩාවැටිමක් එපා: බෞද්ධ, මධ්‍යම පන්තිය, තරුණ ඡන්දවලට අවධානය - පා.ම. රනිල් (වීඩියෝ)

දෙසැ 09, 2019

    ජනාධිපතිවරණයේ පරාජය ගැඹුරින් සළකා බැලිය යුතු බව, එක්සත් ජාතික පක්‍ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒ, සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ අද පැවති යොවුන් පෙරමුණේ සාමාජිකයන් පිරිසක් අමතමින්.

    එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා...

    “ජනාධිපතිවරණයේ පසුබෑමකට ගියා කියලා අඩපණ වෙන්න උවමනා නැහැ. ඊළඟ පාර්ලිමේන්තුවේදී අපේ පෙරමුණත්, අනෙක් පක්ෂත් සියල්ලම අඩු වශයෙන් මන්ත්‍රී 113ක් ඉලක්ක කරගෙන වැඩ කරන්න උවමනායි. අඩුවෙන් නෙමෙයි. අපි අපේ ව්‍යාපාරය නියම ලෙස ගෙනියනවා නම්, ඒ ව්‍යාපාරයෙන් 113කට වඩා සංඛ්‍යාවක් මන්ත්‍රීවරුන් ලබාගන්න පුලුවන්. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් විග්‍රහ කළ යුතුයි.

    සමීක්‍ෂණ කිහිපයක පෙන්නුවේ අපි පසුවෙන් හිටියේ කියලා. ඒ සමීක්‍ෂණය තවත් විග්‍රහ කරහම අපිට නොලැබුණු ඡන්ද තියෙනවා, මම සඳහන් කරලා තියෙනවා බෞද්ධ මතය, මධ්‍යම පන්තිය, තරුණ, ඒ වගේම ඔබේ යුතුකම තරුණ ඡන්ද ලබාගන්න, විශේෂයෙන්ම බහුතරයක් ලබාගන්න ක්‍රියා කළ යුතුයි. දැනට පක්‍ෂයේ වැඩකටයුතු සංවිධාන වැඩ, බිම් මට්ටමේ වැඩ කටයුතු ආරම්භ කරන්න උවමනායි. පාර්ලිමේන්තුවේ වැඩකටයුතු මම අපේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමාට බාරදීලා තියෙනවා. පාර්ලිමේන්තුව 3 වෙනිදා රැස්වෙනවා. එතන ඉඳන් ඒ වැඩකටයුතු කිරීම ගැන අපි සාකච්ජා කරනවා“ යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    Last modified on සදුදා, 09 දෙසැම්බර් 2019 20:14

    Latest News