නාවික හමුදා 69වැනි අභිමානවත් සංවත්සරය අද (වීඩියෝ)

දෙසැ 09, 2019

    ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන අභිමානවත් සංවත්සරය අදට (09) යෙදී තිබේ.

    “රට වට බැඳි රන් වැට” යන විරුදාවලිය ලත් නාවික හමුදාව, වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිවැරදි මඟපෙන්වීම හා නායකත්වය යටතේ තම වෘත්තීය නිපුණතා මෙන්ම දැනුම ද අඛණ්ඩව වර්ධනය කර ගනු ලබන අතර, පවතින සම්පත් නිසි පරිදි කළමනකරණය කර ගනිමින් අප රටට මහඟු හා විශිෂ්ඨ සේවාවක් ලබා දීමට අඛණ්ඩව දායක වී සිටි.

    69 වසරක් පුරාවට සිදු කළ උදාරතර සේවය ඉදිරියට ද රට වෙනුවෙන් ඉටු කිරීමට නාවික හමුදාව නිරන්තරව සූදානමින් සිටියි. එවන් ගෞරවනීය වූ සේවාවක් ඉටු කිරීමට හැකිවීම පිළීබඳව ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් පසුගිය දින කිහිපය පුරාම වැඩසටහන් රැසක් සංවිධානය කර ක්‍රියාත්මක කරන ලදී.

    එමෙන්ම නාවික හමුදාව 69 වසරක් ආ දිගු ගමනේදී මාතෘභූමිය වෙනුවෙන් ජීවිත පුද දුන් සහ ආබාධ තත්වයන්ට පත් වූ සියළුම නාවික රණවිරුවන් මේ මොහොතේ මහත් වූ අභිමානයෙන් සහ ගෞරවපූර්වක භක්ති ප්‍රණාමයෙන් යුතුව සිහිපත් කරන්නෙමු. ඉන්දියන් සාගරයේ, උපායමාර්ගික වශයෙන් වැදගත්ම ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා ඇති බැවින්, ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ ආරක්‍ෂාවට පමණක් නොව, ශ්‍රී ලංකාවට සමීපයෙන් ඉන්දියන් සාගර‍ය හරහා දිවෙන මුහුදු මාර්ගවල ආරක්‍ෂාව සඳහා ද නාවික හමුදාවක අවශ්‍යතාවය දෙවන ලෝක යුද්ධ වකවානුව වනවිට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් හොඳින් අවබෝධ කරගෙන තිබුණි.

    ඒ අනුව, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙසින් 1937 වසරේ දී පළමුව ස්ථාපිත කරන ලද නාවික හමුදාව, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකා රාජකීය ස්වේච්ඡා නාවික උපසේවය නමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙත අන්තර්ග්‍රහනය කරන ලදී.

    ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබීමෙන් පසුව,ශ්‍රී ලංකා රාජකීය නාවික හමුදාව ලෙස 1950 දෙසැම්බර් මස 09 වන දින ස්ථිර නාවික හමුදාවක් ස්ථාපිත කළ අතර, මෙම රාජකීය නාවික හමුදාව 1972 වසරේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව බවට පත්විය.

    ඉතා සීමිත නැව් මුළුවක් සහ යාත්‍රා කිහිපයකින් පමණක් ආරම්භ වූ ශ්‍රී ලංකා නවික හමුදාව, අද වන විට නිලධාරීන් 3347 කින් සහ නාවිකයින් 47457 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විතව අධිතාක්‍ෂණික ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා මෙන්ම අධිතාක්‍ෂණික මෙහෙයුම් පද්ධති සහ උපකරණ වලින් සමන්විතව අප මාතෘභූමිය ආරක්ෂා කරමින් සිටි. එසේ දේශයේ පලමු ආරක්ෂක වලල්ල ලෙසින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නාවික හමුදාව සිය අභිමානවත් 69 වන සංවත්සරය 2019 දෙසැම්බර් මස 09 වන දින මහත් අභිමානයෙන් සමරනු ලබයි.

    Last modified on සදුදා, 09 දෙසැම්බර් 2019 20:18

    Latest News