අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය අද

දෙසැ 09, 2019

    මෙම සම්මුතිය සම්මත කර ගැනීමෙන් පසු සියලුම සාමජික රටවල් ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය ලෙස අද (09) දින නම් කර තිබේ.

    ඒ අනුව මුළු ලෝකයේම රාජ්‍යයන් බොහොමයක් දූෂණයට එරෙහිව ඉතා ක්‍රියාකාරී ලෙස හා ඵලදායී ලෙස ක්‍රියාකාරකම් රාශියක් සිදු කිරීමට පියවර ගනු ඇත.

    එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියේ ලේකම් කාර්යාලය ලෙස කටයුතු කරන එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශය (UNODC) මෙවර අන්තර් ජාතික දූෂණ විරෝධී දින සැමරීමේ දී ප්‍රජා පදනම් වූ වැඩසටහන් තේමාව කර ගනිමින් දූෂණ විරෝධී සංකේත ප්‍රදර්ශනය කිරීම, දූෂණ විරෝධී ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම සහ සංවිධානය කිරීමට සහ පණිවිඩ ජනගත කිරීමට කටයුතු කර ඇත.

    මුළු ලෝකයෙන්ම එක්ව ඒ අනුව මෙම වසරේ ලෝකයේ බොහෝ රටවල් දූෂණ විරෝධී දිනය සැමරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සිය ශක්තිය යොදනු ඇත.ලෝකයේ සියලුම රටවලට අල්ලස හා දූෂණය ඉතා ප්‍රබල තර්ජනයක් වී තිබේ. එය රටක සංවර්ධනයට, ආයෝජනවලට, වෙළෙඳාමට, කීර්තිනාමයට, සමාජ සාධාරණත්වයට බොහෝ බලපෑම් ඇති කරයි.ලෝකයෙන් මෙම රුදුරු අල්ලස හා දූෂණය නැමති උවදුරින් මිදීමට රටවලට තනි තනිව කටයුතු කළ නොහැකි බව අවබෝධ කර ගනිමින් ලෝකයේ බොහෝ රාජ්‍යයන් එක්ව විවිධ පියවර රාශියක් ගෙන ඇත.

    ඒ අතර රාජ්‍යයන් 186 ක ප්‍රමාණයක් අත්සන් තබා ඇති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතිය ඉතාමත් වැදගත් වේ. එම සම්මුතියට 2004 වර්ෂයේ දී අප විසින් අත්සන් තබා පිළිගෙන ඇත.

    Last modified on සදුදා, 09 දෙසැම්බර් 2019 08:29

    Latest News