රංජිත් ද සොයිසා මහතා දැයෙන් සමුගනී (වීඩියෝ)

දෙසැ 08, 2019

    අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද සවස ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී සිදු කෙරිණ.

    ඒ අතිවිශාල ජනකායකගේ සහභාගිත්වයෙන්.ගොඩකවෙල පිහිටි රංජිත් ද සොයිසා මන්ත්‍රීවරයාගේ නිවසට අද දහවල් පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වීය. ජනාධිපතිතුමා පවුලේ ඥාතීන් සමඟ කතාබහක ද නිරතවිය. අනතුරුව පැමිණ සිටි අතිවිශාල ජනතාව වෙතට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමඟ ද කතාබහක නිරත විය.

    කතානායක කරූ ජයසුරිය මහතා ඇතුළු මැති-ඇමතිවරු රැසක් ද දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්වූහ. අවසන් කටයුතු සිදු කළ ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයට දේහය පෙරහැරින් ගෙනයනු ලැබීය. අවමංගලය උත්සවය පැවැත්වුණේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පිළිගැනීමේ කතාව රංජිත් ද සොයිසා මහතාගේ පුතණුවන් වන ලකිප් පංකජ ද සොයිසා මහතා විසින් සිදුකරනු ලැබීය. ආගමික වතාවත් සිදු කළේ ශ්‍රී පාදස්ථානයේ හිටපු භාරකාර, පූජ්‍ය දම්පහළ සීලානන්ද හිමියන් විසින්.

    ජනාධිපතිතුමාගේ ශෝක පණිවුඩය කියවනු ලැබුවේ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අවමංගල්‍ය සභාව ඇමතීය.

    අනතුරුව පැමිණ සිටි දහස් සංඛ්‍යාත පිරිසකගේ සෝ සුසුම් මැද චිතකයට ගිනි දල්වනු ලැබීය.

    Last modified on ඉරිදා, 08 දෙසැම්බර් 2019 20:12

    Latest News