සාගර ආශ්‍රිත ඔක්සිජන් මට්ටම ශීඝ්‍රයෙන් පහළට

දෙසැ 08, 2019

    සාගර ආශ්‍රිත ඔක්සිජන් මට්ටම ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව පරිසර විශේෂඥයන් අනතුරු අඟවයි.

    සොබාදහම සංරක්‍ෂණය සඳහා වන එකමුතුව හෙවත් IUCN සංවිධානය පෙන්වා දෙන්නේ, සාගරික ජීවීන් රැසකට ඉන් දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි. ලොව පුරා ඔක්සිජන් මට්ටම පහළ ගොස් ඇති කලාප 700ක් පමණ හඳුනාගෙන තිබේ. 1960 දී හඳුනාගෙන ඇත්තේ එවැනි කලාප 45ක් පමණි. 2100 වන විට 3-4%ත් අතර ප්‍රතිශතයකින් ගෝලීය සාගරික ඔක්සිජන් මට්ටම පහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. ගෝලීය උෂ්ණත්වය ඉහළයාම සාගරික ඔක්සිජන් මට්ටම පහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

    දේශගුණික විපර්යාස හා වායු දූෂණය ද සාගරික මත්ස්‍ය ජීව රැසකට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බව වාර්තාවේ. ජෛව විවිධත්වය විශාල වශයෙන් පවතින ජල මතුපිට සිට මීටර දහසක් අතර කලාපය තුල වැඩි වශයෙන් ඔක්සිජන් ප්‍රතිශතය පහළ යනුඇති බවට අපේක්‍ෂා කෙරේ.

    Last modified on ඉරිදා, 08 දෙසැම්බර් 2019 19:19

    Latest News