සජිත් සමඟ සාකාච්ඡා කර විසඳුමකට රනිල්ගේ එකඟතාවක් - පා.ම. විජයපාල (විඩියෝ)

නොවැ 29, 2019
  • විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්තෙන් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදීය.

    එක්සත් ජාතික පක්ෂය ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කළත් ජනතාව එය අවබෝධ කර නොගත් බව ර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා මෙම මාධ්‍ය හමුවේදි පැවසිය. විවිධ බදු අයකර ගැනීමෙන් ජනතාව පීඩාට පත්වූ බව නව රජය පෙන්වා දුන්නත් රජය ගෙන යාමට බදු අය කළ යුතුව තිබූ බව ඔහු පෙන්වා දුනි. ළමුන් හා ගුරුවරුන්ට බෙදාදීමට පරිගණක රාශියක් ඇණවුම් කර තිබුණත් මෙම රජය මගින් එය වළක්වා වී ඇති බවත් ඔහු කියා සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා... 

    “CID නිලධාරීන්ට බාධා පැමිණවීම සාධාරණද? ශානි ප්‍රභාකරන්ට එරෙහිව විමර්ශනත් කළා“ 

    ඔබතුමන්ලාගේ නායකතුමා අද පක්ෂ මූලස්ථානයට ආවා එතුමා මොනාහරි සාකච්ඡා කළාද?

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා, “මන්ත්‍රීවරුන්ගේ තීරණයට එතුමා එකඟයි. විපක්ෂ නායක ධුරය මන්ත්‍රීවරුන් 57ක් ඉල්ලුවා. සජිත් සමග කතාකරලා තීරණයකට එන්න කැමතියි. සජිත් අද මේ ගැන ප්‍රතිචාරයක් දක්වාවි

    කෙසේ වෙතත් පාර්ලිමේන්තුව ආරම්භයේදි විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනවාද යන්න කළ විමසිමට ඔයු කියා සිටියේ “තවම එතුමාගේ උත්තරය දීලා නැහ“යන්නයි

    Last modified on සෙනසුරාදා, 30 නොවැම්බර් 2019 09:28

    Latest News