පොලිස් නිලධාරීන් විදේශ ගතවීමට උත්සාහ කළොත් CIDය දැනුවත් කරන්න

නොවැ 25, 2019

    පොලිස් නිලධාරීන් විදේශ ගතවීමට උත්සාහ කළොත් CIDය දැනුවත් කරන ලෙස පොලිස් මූලස්ථානය ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.

    විවිධ නඩු කටයුතුවල සාක්ෂිකරුවන් හා මෙහෙයවන්න ලෙස නම් කර සිටින පොලිස් නිලධාරීන් විදේශ ගතවීමට උත්සාහ කළොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා දැනුවත් කරන ලෙස පොලිස් මූලස්ථානය ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඇතුළු අංශ කිහිපයක සේවයේ නියුතු නිලධාරීන් හත්සීයකට වැඩි පිරිසකගේ නම් ලයිස්තුවක් මෙලෙස ගුවන් තොටුපොළ වෙත යොමුකර ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. සාක්ෂිකරුවන් ලෙස සිටින එවැනි නිලධාරීන් හදිසියේ විදේශ ගත වුවහොත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩු රැසක් දැඩි අර්බුදයකට ලක් වන හෙයින් මෙම පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ද දැනට ක්‍රියාත්මක නඩුවක සාක්ෂිකරුවෙකු බැවින් ඔහු ඇතුළු නිලධාරීන් කිසිවකු හෝ විදේශගත වන්නේ නම් ඊට නීත්‍යානුකූල අවසර ලබාගෙන ඇත්ත නැද්ද යන්න විමසන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

    Latest News