මාර්ග නාම පුවරුවලින් දමිළ නම ඉවත් කිරීම ගැන කඩිනම් විමර්ශනයක්

නොවැ 25, 2019

    මාර්ග නාම පුවරුවලින් දමිළ නම ඉවත් කිරීම හා හානි කිරීම පිළිබඳව කඩිනමින් විමර්ශනයක් පවත්වා වගකිව යුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් දී තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ, ඒ අනුව පොලිස් මුර සංචාරවල නිරත නිලධාරීන් ඒ පිළිබඳව දැනුවත් කර ඇති බවයි. වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ඊට අදාල උපදෙස් හා නියෝග අද(25) පෙරවරුවේ පොලිසිය වෙත ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. මේ වනවිට පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයෙන් එවැනි මාර්ග නාම පුවරුවක දෙමළ වැකි ඉවත් කිරීමේ සිදුවීමක් වාර්තාවී තිබේ. මෙය කිසියම් සංවිධානාත්මක පිරිසකගේ ක්‍රියාවක් විය හැකි බවට සැක කෙරේ. එම ක්‍රියාවට දේශපාලන මුහුණුවරක් තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙනු ඇත. ඒ අනුව පොලිසියේ ජංගම සංචාර, යතුරුපැදි සංචාර සහ රාත්‍රි මුර සංචාර වැඩි කිරීමටද පියවර ගෙන තිබේ.

    Latest News