කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

නොවැ 23, 2019

    කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (23) පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

    කොළඹ නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කෙරෙනු ඇති.

    ඒ අනුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, රාජගිරිය, නාවල, කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයේ මෙන්ම ඊට සම්බන්ධ සියළුම අතුරු මාර්ග වලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 23 නොවැම්බර් 2019 07:41

    Latest News