අගමැති ඉවත්වීම අද ජනපතිට නිල වශයෙන් දන්වයි

නොවැ 21, 2019

    රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ සිය ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් දැනුම්දීමට නියමිතයි.

    නව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබා දෙමින් තමා  සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (20) කියා සිටියේය.

    පසුගිය වසර 5ක කාලය තුල රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ හා තොරතුරු දැනගැනීමේ අයිතියා හා සමානාත්මතාව, සංහිදියාව තහවුරු කිරීම උදෙසා සිය රජය කටයුතු කළ බව එම නිවේදනයේ තවදුරටත් සඳහන් විය.19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සියලු ආයතන දේශපාලනීකරණයෙන් නිදහස් කළ බවත් පසුගිය ජනධිපතිවරණය නිදහස්, ස්වාධීන හා සාධාරණ අන්දමින් පැවැත්වීමට හැකිවීම එහි ප්‍රතිඵලයක් බව ඔහු එම නිවේදනයෙන් ප්‍රකාශ කර තිබිණ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 21 නොවැම්බර් 2019 07:46

    Latest News