ගෝඨාභය ජනපති වු පසු පළමු කාර්ය සයින්දුමර්දුවලට නගර සභාවක් දීම; බැසිල් රාජපක්‍ෂ

නොවැ 13, 2019

    නොවැම්බර් 17 වනදා නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දුන් පසුව ඔහුගේ පළමු රාජකාරිය ලෙස සයින්දමර්දු ප්‍රදේශයට නගර සභාවක් ලබාදෙන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    ඒ සඳහා අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර සහතික කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

    "අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා සහතික කළා, අනිවාර්යයෙන්ම මේ රටේ 16 වෙනිදා ඔබගේ ඡන්දයෙන් යුතුකම ඉෂ්ඨ කළ හැටියෙම මේ රටේ ජනාධිපති හැටියට 17 වෙනිදා පත්වෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පළවෙනි කාර්යය මේ සයින්දමර්දුවලට දෙන එක. ඔබෙන් එක ඉල්ලීමක් කරනවා, ඒ නගර සභාවේ ගොඩනැගිල්ලෙ මුල්ගල තියන්න මටත් එන්න කියන්න කියලා" යනුවෙන් ඒ මහතා පොරොන්දුව ලබා දුන්නේය.

    බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පෙරේදා (11) පස්වරුවේ සයින්දමර්දු ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. සයින්දමර්දු යනු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු සහරාන් හෂීම් ඉතාම සක්‍රීයව සිටි ප්‍රදේශයකි. බැසිල්ගේ අවබෝධතා ගිවිසුමේ තවත් පොරොන්දු ඇත්දැයි අනාවරණයවි නොමැත.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 නොවැම්බර් 2019 11:02

    Latest News