සිරකරුවන් 267 ජනපති සමාව

නොවැ 13, 2019

    බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 267 ක් මැතිවරණයෙන් පසු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලැබි ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ( පාලන) බන්දුල ජයසිංහ මහතා අද පැවසීය.

    මිනීමැරිම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මත්කුඩු ඇතුළු සංවිධානාත්මක අපරාධ ඇතුළු වැරදී 40 කට සම්බන්ධ නැති සිරකරුවන්ට මෙලෙස නිදහස හිමි ඇත.

    මෙම විශේෂ සමාව පිරිනමා ඇත්තේ දීපවාලි උත්සවය වෙනුවෙන් වන අතර වයස අවුරුදු 65 ට වැඩි සිරකරුවන් සඳහා මෙම සහනය ක්‍රියාත්මක වන බවද බන්ධනාගාර කොමසාරිස්වරයා (පාලන) පැවසීය.

    Latest News