ජනාධිපතිධුර අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

නොවැ 13, 2019

    ජනපතිවරණයට තරග වදින අපේක්ෂකයින් 35 දෙනාටම හෙට (14) වනදා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

    ජනපතිවරණයේ ඡන්ද විමසීම, ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මෙම පිරිස කැදවීමට කටයුතු කළ බව කොමිසම සඳහන් කළේය. එම අපේක්ෂකයින්ට පැමිණීමට අපහසුතාවක් පවතින්නේ නම් අපේක්ෂකයාගේ බලයලත් නියෝජිතයන් දෙදෙනෙක්ට කොමිසමට පැමිණෙන ලෙසටද කොමිසම දැනුම් දී ඇත.

    අද 13 මධ්‍යම රාත්‍රී 12.00 පසු මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම තහනම් බවද කොමිසම වැඩිදුරටත් කියා සිටියේය.

    Last modified on බදාදා, 13 නොවැම්බර් 2019 15:32

    Latest News