මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මැදියමෙන් අවසන්

නොවැ 13, 2019

    ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. 

    එළඹෙන 16 වැනිදා සෙනසුරාදා දක්වා නිහඬ කාලසීමාව ලෙස මැතිවරණ කොමිෂන් සභාව නම් කර තිබේ.ඒ අනූව විද්‍යුත් හෝ මුද්‍රිත ක්‍රම මඟින් සහ වෙනත් කිසිදු ආකාරයකින් ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. එම කාලය තුළ කිසිදු ආකාරය ප්‍රචාරක කටයුත්තක් තහනම් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

    යම් කිසි පාර්ශවයක් ජනාධිපතිවරණ අපේක්ෂක වන ආකාරයෙන් හෝ කිසියම් අපේක්ෂකයින් අගතියට පත් වන ආකාරයෙන් කටයුතු කිරීම දඬුවුවම් ලැබිය හැකි වරදක් බව ද කොමිෂන් සභාව පෙන්වා දෙයි.

    Last modified on බදාදා, 13 නොවැම්බර් 2019 07:20

    Latest News