සැකකරුවෙකු පලායාමට උත්සාහ කිරීමේදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්‍ෂයට

නොවැ 12, 2019

    හෙරොයින් සම්බන්ධ සැකකරුවෙකු පලායාමට උත්සාහ කිරීමේදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු ජිවිතක්‍ෂයට පත්ව තිබේ.

    පොලිසිය පවසන්නේ, ඔහු මහාධිකරණය හමුවේ හෙරොයින් සම්බන්ධ නඩු 04කට වරදකරු වූ පුද්ගලයෙකු බවයි. මෙම සැකකරු ගාල්ල නගර සභාව ඉදිරිපිටදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ, හෙරොයින් ග්‍රෑම් 33යි මිලිග්‍රෑම් 600ක් සමඟයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගාල්ල ඒකකයේ නිලධාරීන් මෙහෙයුම සිදුකර තිබේ. 34  හැවිරිදි සැකකරු ජම්බුගස්වත්ත පෝද්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද දහවල් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ගාල්ල, කරාපිටිය රෝහලේ දී අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ පලාගොස් තිබේ. පොලිසිය සැකකරුට වෙඩි තබා ඇත්තේ, එම අවස්ථාවේදී. සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව, පොලිස් මූලස්ථානය පවසයි.

    Galle px 900 12 11 19

    දකුණු පළාතේ කලක සිට හෙරොයින් බෙදාහැරීම සිදුකර ඇති සැකකරුවන් දෙදෙනෙකු අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හෙරොයින් ග්‍රෑම් 140ක් හා ජාවාරමට යොදාගත් මෝටර් රථ දෙකක් සහ තවත් උපකරණ ද සමඟයි. ඔවුන් හික්කඩුව ගෝනාපීනුවල ප්‍ර දේශයේ පදිංචිකරුවන්. සැකකරුවන් දෙදෙනා අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

    Latest News