ජූඩ් ශ්‍රමන්තගේ ජනාධිපති සමාවට සම්බන්ධයක් නැහැ; ගාල්ල රදගුරු

නොවැ 12, 2019

    රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල රදගුරු රේමන් වික්‍රමසිංහ හිමිපාණන් අද නිවේදනයක් නිකුත් කර තිබේ.

    ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට හෝ අධිකරණය වෙත හෝ කිසිදු ආයාචනයක් සිදු නොකළ බවට තරයේ ප්‍රකාශ කරන බව එහි සඳහන් කර ඇත. අදාළ නඩුව පිළිබඳ කිසිදු අධ්‍යනයක් නොකළ බවත්, එම චූදිතයා පෞද්ගලිකව නොහඳුන බවත්, එම නිවේදනයේ සඳහන්. එහෙත් මීට වසර කිහිපයකට පෙර මහා සංඝරත්නය සිවිල් සමාජයේ ඉල්ලීම මත තරුණ රැඳවියන් හට වඩාත් යහපත් පරිසරයක් තුළ පුනරුත්ථාපනයට හා නිසි අධ්‍යාපනයක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කළ බව ද නිවේදනයේ දැක්වේ. එම පොදු ඉල්ලීම මේ අවස්ථාවේදී අයුතු ලෙස උලුප්පා දැක්වීම පිළිබඳ බලවත් අප්‍රසාදය පළ කරන බව ද රේමන් වික්‍රමසිංහ හිමිපාණන් කියා සිටී. ඉන් සිදුවූ අපහසුතාවය හා කැළල පිළිබඳ වගකීම මාධ්‍ය නිවේදනය නිකුත් කළ බලධාරීන් විසින් බාරගෙන ඉක්මණින් නිවැරදි කරනු ඇති බවට විශ්වාසය පළ කරන බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    Latest News