ගෝඨාභයට කතිරය ගැසිමෙන් ලියවෙන්නේ රටේ මරණ වරෙන්තුව - විකල්ප සංවිධාන සාමුහිකය

නොවැ 12, 2019

    දරුණු ඒකාධිපති පාලනය 2015දී සමාජ අරගලයකින් පරාජය කළ බවත් රාජපක්ෂ රේජීමය නැවත බලයට පැමිණීම නවතන්නට සමාජ වගකීමක් ඇති බවත් විකල්ප සංවිධාන සාමුහිකත්වය පවසයි.

    දේශපාලන බලය ගොඨාභය රාජපක්ෂට ලබා දීමට ජනතාව කතිරය ගැසිමෙන් ඔහු බලය තහවුරු කරගතහොත් රටේ මරණ වරෙන්තුව ආසන්නයේම ඇති බවත් ඔවුන් පෙන්වා දෙති. ප්‍රජාතින්ත්‍රවාදය අගය කරන ජනතාව විසින් පළමු මනාපය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලබා දී, අනෙක් මනාප ගෝඨාභය රාජපක්ෂට එරෙහි කුමන බල කඳවුරකට හෝ ලබා දිය යුතු වන බවද කියා සිටිති.

    ආඥාදායකතවයක් මෙතෙක් බිහිනොවු බවත් ආඥාදායකත්වයක් බලයට පත්වීම මිලිටරි පාලනයක් ඇති වන බවට ඉගියක් බවද මෙහිදි ඔවුහු පෙන්වාදුනී. කොළඹ සමාජය හා සාමුහික කේන්ද්‍රෙය් අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුහු මේ බවි කියා සිටියේය.

    අදහස් දැක්වූ පරිපූරක බලය කැඳවුම්කරු චාමර නාකන්දල මහතා..........

    රාජපක්ෂ රෙජීමය බලයට පත්වීම නවතන්න්ට අපිට පොදු එකගතාවයක් තිබෙනවා. අපි කියන්නේ පළමු මනාපය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතතාට ලබා දෙන්න කියලයි. දෙවන මනාපය ගෝඨාභයට එරෙහි කුමන බල කඳවුරකට ලබා දුන්නද ප්‍රශ්නයක් නැහැ. 2015 පෙර රටේ බරපතල ලෙස ඒකාධිපතිත්වයක් තිබුණා. පාරවල්වල වෙඩි තබා ඝාතනන් සිදු කළා. මාධ්‍යෙව්දීන් අතුරුදහන් කළා. වතුර ඉල්ලා උත්ඝෝෂනය කළ ජනතාවට වෙඩි තැබුවා. භාෂණයේ නිදහස එදා තිබුණේ නැහැ. යම් විවේචනයක් සිදු කර ගෙදර ගිහින් නිදාගන්න තත්ත්වයක් එදා තිබුනේ නැහැ. පසුගිය දිනවල එස් බී දිසානායක මහතාගේ ආරක්ෂකයන් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. රැළියට ගිය තරුණියක් දූෂනය කළා. යහපාලන රජය ශක්තිමත් නෑ පොරොන්දු ඉටු කළේ නෑ.විවේචන තිබෙනවා.අරගල කිරිමට ඇති භුමිය පවා රාජපක්ෂවරුන් පැමිණීමෙන් නැති වෙනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුවරසිභාවය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. නිවැරදි හේතු දැක්වීමක් මේ වෙනතෙක් සිදු කර නැහැ. ගීතා කුමාරතුංග මන්ත්‍රිවරයට සිදු වූ දේම සිදු වුනොත් ඔබ භාවිතා කරන කතිරය අපරාදේ. ඔහු පුරවැසිභාවය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වන්නට ඕන. දින 52 සිදු වූ දේ ජනතාවට මතකයි.

    ආචාර්ය ලියොන් සොලමන් මෙනවිය.........

    සියයට පනහක ප්‍රතිශතයක් නැති වුනොත් දෙවන මනාපය පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා.ව්‍යස්ථාවෙන් පැවරී ඇති නිතිමය තත්ත්වයන් මත මනාප තුනක් සළකුණු කළ හැකියි. ඒකාධිපතිත්වය නැවත බලයට පැමිණියහොත් මේ රට නැවතත් ආපස්සට ගලායාමේ ප්‍රවණතාවයක් තිබෙනවා.ගෝඨාභය රාපක්ෂ මහතා ඔහුගේ පුවැසිභාවය පිළිඳ නිවැරදි ලේඛන රටේ ජනතාවට ඉදිරිපත් කළ යුතුයි.

    ආචාර්ය පියවි විජේවර්ධන මහතා.........

    වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලැබෙන මැතිවරණයක් මෙවර මැතිවරණය. විකල්ප බලවේග දියුණු වීම මෙවර ලොකු ප්‍රවණතාවයක්. තෙවන බලවේගය පිළිබඳව විශාල ප්‍රවණතාවයක් ඇති වී තිබෙනවා. පාලක පක්ෂයන් කරන වැරදි වලට යම් පණිවිඩයක් දෙන්න ලැබෙන අවස්ථාවක් මෙය. මාධ්‍ය වගකීමක් මෙවර මේ තත්ත්වය රටට හෙළි කරන්නට. මාධ්‍ය යුද්දෙ අවස්ථාවේ සුනාමිය අවස්ථාවේ මෙන්ම මෑත කාලයේ පාස්කු ප්‍රහාරයේත් සුවිශාල කාර්යභාරයක් සිදු කළා.

    නිදහස් ජනතා ක්‍රියාකාරි පෙරමුණේ චමිල් අලංකාර මහතා............

    පණපිටින් නිදහසේ ජීවත් වෙන්නට අපිට රටක් තියෙන්නට ඕන. 1971සිට ප්‍රධාන පක්ෂ දෙක රට පාලනය කළා. රොටිය ඒ පැත්ත මේ පැත්ත දානවා වගේ මේ අය පාලනය කළා.රටක් දියුණු වීමට නම් ක්‍රමවේදයක් අවශ්‍යයි. 71 සිට ලැබුනේ දුෂණය භීෂනය ණය බර දුප්පත්කම විතරයි ජනතාවට ලැබුනේ.අපි කියන්නේ පළමු මනාපය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතතාට ලබා දෙන්න කියලයි. දෙවන මනාපය ගෝඨාභයට එරෙහි කුමන බල කඳවුරකට ලබා දුන්නද ප්‍රශ්නයක් නැහැ

    ශ්‍රී ලංකා කතෝලික සභාවේ ෆේස්බුක් ක්‍රියාකාරි ශිරන්ත අමරසිංහ මහතා..........

    ගෝඨාභය රාජපක්ෂ රෙජීමය පාස්කු ප්‍රහාරය දේශපලාන වේදිකාවට ගෙනගිහින්. කතෝලික සභාව මෙය දේශපාලන වේදිකාවේ භාවිතා කරන්නට එපා කියා නිවේදනයක් පවා නිකුත් කර තිබෙනවා. මේ ප්‍රහාරයට පාර්ලිමේන්තුවේ 225 ම වගකියන්නට ඕන. මම යතුරු පැදිකරුවන්ගේ සභාපති ලෙස කටයතු කරනවා. මම ෆේස්බුක් දැමු පෝස්ටුවක් නිසා මගේ සභාපතිධුරය පවා අහිමි කරන්නට රාජපක්ෂවරුන් කටයුතු කරමින් සිටිනවා. බලය නැතිව මෙහෙම නම් බලය ලැබුණාම මේ අය කොහමෙ කටයතු කරාවිද කියා මම විමසනවා. ගෝඨාබය රාජපක්ෂ නොවන ඔන්ම අපේක්ෂකයකුට ඔබේ ඡන්දය භාවිතා කරන්න කියා මා ඉල්ලනවා.

    සමාජ ක්‍රියාකාරි දිනේෂ් මීදෙණිය මහතා.........

    මට ඉදිරිය ගැන සිහිකරද්දී දැනුත් දාඩිය දානවා. විශාල මකරෙක් සමාජය ගිලගන්න තැත් කරනවා.ගෝඨායට මල් මාලා දාලා පිළිගත්තත් ජනාධිපතිධුරයට පත් වුණත් පිළිගැනීම සිදු වන්නේ පරාජිත මහින්ද රාජපක්ෂව. මෙතන ප්‍රජාතින්ත්‍රවාදය නැහැ.පවුල තුළත් ප්‍රශ්න මතුවේවි ඉදිරියට. ඔහුට සිදු වන්නේ බණේඩාරණායක මහතාට සිදු වූ දේ බව මට සිතෙනවා. අගමැතිට 19 වන සංශෝධනයෙන් වැඩි බලයක් පැවරීත් තිබෙනවා. ජනාධිපති වුවත් අප්‍රේල් මාසය පමණ වන විට වෙස්වලාගත් හාමුදුරුනමක් ඔහුට වෙඩි තබා පලා ගිය බවට ආරංචියක් ඒමට ඉඩ තිබෙනවා.

    හිටපු විගණකාධිපති සරත් මායදුන්නේ මහතා........

    මේ වනවිට රට තුළ ප්‍රජාතන්තුවාදි අධානමක් මතුව තිබෙනවා. 70 දශකයේ ආඥාදායකතවයක් බිහිවුනේ නැහැ. ආඥාදායකත්වයක් බලයට පත්වීම මිලිටරි පාලනයක් ඇති වන බවට ඉගියක් වෙනවා. සිවිල් මෙන්ම දේශපාලන ප්‍රතිවාදි පක්ෂ මාධ්‍ය ආඥාදායකත්වයකට යට වීමේ තත්ත්වයක් ඇති වී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අපේක්ෂකයාට ඡන්දය භාවිතා කිරිම තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙනවා.

     

     

     

    Latest News