මේ හෝරා 72ක කාලයේ මොනවගේ සිදුවීම් වෙයිද දන්නේ නැහැ; විජිත හේරත්

නොවැ 12, 2019

    ඇතැම් පිරිස් පොරොන්දු දේශපාලනය අසාර්ථක වූ තැන පාස්කු ප්‍රහාරය යොදා ගනිමින් ජාතික ආරක්‍ෂාව පිළිබඳව ජනතාවට භීතිකාවක් මවාපාමින් ඡන්දය කොල්ලකෑමේ සැලසුමක් පවතින බව, ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා දඹුල්ලේ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය. එහිදී ඔහු පෙන්වා දුන්නේ, රටේ ආරක්‍ෂාව හා විනය සෑදීමට සූදානම්වන එම පිරිසට තම පක්‍ෂ සාමාජිකයින්ගේ විනය සාදාගත නොහැකිව ඔවුන් රැස්වීම්වලට පැමිණෙන කාන්තාවන් දූෂණය කරන මට්ටමකට පත්ව ඇති බවයි. එහිදී අදහස් දැක්වූ විජිත හේරත් මහතා...

    “පොරොන්දු දේශපාලනය මේ රටේ ජනතාවට අප්‍රිය වෙලා තියෙන්නේ. පොරොන්දුවලට මේ රටේ ජනතාව රවට්ටන්න බැහැ, රැවටෙන්නෙත් නැහැ. පොරොන්දු දේශපාලනය අසාර්ථක වෙනකොට ඊළඟට පාවිච්චි කරන උපක්‍රමය තමයි ජනතාව බියවැද්දීම. යුද්ධය අවසන් වුණාට පස්සේ ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ විදුලි පුටුව පෙන්නුවා. විදුලි පුටුවට හිටපු රාජපක්‍ෂ ජනාධිපතිවරයාව අරගෙන යනවා කියලා ජනතාව බියවද්දලා එදා ජනතාවගේ ඡන්ද පිංකොකට් ගැහැව්වා. අද පාස්කු ඉරිදා ප්‍රහාරය නිමිති කරගෙන ජනතාව නැවත බියවද්දලා තියෙනවා. ජනතාවට අලුත් වෙනසක් අවශ්‍යයි කියලා ඔවුන් නැවත ජනතාව බියවද්දනවා.

    රටේ විනය හදන්න එන කට්ටිය තමන්ගේ පක්‍ෂයේ රැස්වීමට එන කාන්තාව දූෂණය කරන එතන විනය හදාගන්න බැහැ. එවැනි අය තමයි ජනතාව බියවද්දලා ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන්න, බොරු බේගල් ඇඳබානවා. ජනාධිපතිවරණය අවසන් මොහොතේ අපිට ඇහෙනවා හතර වටින් විවිධ ජවනිකා රඟ දක්වන්න පටන් අරන් තියෙනවා. තම තමන් නියෝජනය කරන අපේක්‍ෂකයාට වාසි වෙන විධියට සිදුවීම් නිර්මාණය කරනවා. මේ හෝරා 72ක කාලයේ මොනවගේ සිදුවීම් ඇතිවෙයිද දන්නේ නැහැ. අපි හිතන්නේ නැති සිදුවීම් සිද්ධ වෙයි. අලුත් ප්‍රචාරයන් දියත් වෙයි, අපි ජනතාවට කියනවා මේ කිසිවෙකුට හසු වෙන්න එපා. විවිධ කණ්ඩායම් විසින් බොරු සමීක්‍ෂණ වාර්තා ඉදිරිපත් කරනවා. තමන්ගේ අපේක්‍ෂකයට මෙච්චර ඡන්දේ තියෙනවා. අපි ඕවා දැකලා තියෙනවා. 2015 විමල් වීරවංශ කිව්වා මහින්ද රාජපක්‍ෂ ලක්‍ෂ 20කින් ඡන්දය දිනනවා කිව්වා. පට්ටපල් අමූලික බොරුවක්. අන්තිමයට ලක්‍ෂ 4කින් පරාජය වෙලා

    Latest News